Health
දිගින් දිගටම කනෙන් සැරව ගලනවාද?
ප්රශ්නය - පසුගිය සතියේ ඔබ අප දැනුවත් කළේ කර්ණ රෝග සම්බන්ධයෙන් වන බටහිර වෛද්‍ය විද්‍යාත්මක අර්ථකතනය ගැනයිග කර්ණ රෝග ක්ෂේත්රයේ වැඩිම සුදුසුකම් සහිත ආයුර්වේද වෛද්‍යවරිය වශයෙන් ඔබ අද අපට කියන්නල කර්ණ රෝග පිළිබඳ ආයුර්වේද මතය මොකක්ද කියලාග
ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස් - කන කියන ඉන්ද්‍රියේ කොටස් තුනක් තිබෙනවාග එනම් බාහිර කනල මැද කනල ඇතුල් කන යන කොටස්ග ආයුර්වේදයේ තිබෙනවා හතරවන කොටසකුත්ග මේ කොටස තමයි කන පිටත කොටස හෙවත් කන් පෙත්ත සහ එය සමඟ සම්බන්ධ වන කොටසග ඒ අනුව කන් පෙත්ත ආශ්රිත රෝග හෙවත් කර්ණපාලි රෝග කියලාග ඔබ මෙහිදී මතක තබා ගත යුතුයි අප අනුගමනය කරන්නේ සුශ්‍රැත ආචාර්යවරයාගේ ආයුර්වේද න්‍යාය සහ ක්රමග ඒ ආචාර්යවරයාගේ මතයට අනුව කර්ණ රෝග 28 ක් තිබෙනවාග ඒවා කණේ පෙර කී තුන් කොටසේ හට ගන්නා රෝගග ඒවායින් වඩාත් සුලභ රෝග කිහිපයකුත් තිබෙනවාග එනම්ල
1ග කන්වලින් දියර ගැනීමග මෙය සැරව ලෙසත් සුදු පැහැති ද්‍රාවණයක් ලෙසත් ගලනවාග ආයුර්වේදයේ මෙය හඳුන්වන්නේ පූතිකර්ණ කියලාග
2ග ඊළඟ රෝග තත්ත්වය තමයි ඇසීමේ දුර්වලතා ඇති කරන රෝගග එනම් ශ්රවණාබාධග එය හඳුන්වන්නේ කර්ණ බාධිර්යය කියලයිග
3ග ඒ අතර සමහර රෝගීන් ඇවිත් පැමිණිලි කරනවා මගේ කණේ විවිධ ශබ්ද ඇහෙනවා කියලාග සමහරු කියනවා නිතරම කන තුළින් හෝ හෝ ගාන ශබ්ද එනවා කියලාග තව සමහරු කියනවා බටනලාවක හඬක් වගේ එක දිගට ශබ්දයක් එනවා කියලාග මෙය ඉතාම ප්‍රචලිත රෝග තත්ත්වයක්ග අප මෙය හඳුන්වන්නේ කර්න නාද කියලයිග මේ රෝගයේම තවත් ස්වරූපයක් තිබෙනවාග ඒ ස්වරූපය හඳුන්වන්නේ කර්ණ ශ්වේඩ කියලයිග ඒ රෝග තත්ත්වය තුළදී රෝගියාට කන ඇතුලෙන් ඇහෙන්නේ එකම ශබ්දයක් විතරයිග පළමුවැනි රෝග තත්ත්වය තුළදී හඬවල් රැසක් ඇහෙනවාග දෙවන රෝග තත්ත්වයේදී ඇහෙන්නේ එකම හඬක්ග ඉහත සඳහන් රෝග තත්ත්වයන් තුන තුළදීම ශ්‍රවණ හීනතාවන් ඇති වෙන්න පුළුවන්ග මේ අතර හටගන්නවා කන්වල වේදනාකාරී තත්ත්වයක්ග මෙය කණ තුළ හට ගන්නත් පුළුවන්ග ඒ වගේම කනට පරි බාහිරල කන සමඟ සම්බන්ධ කොටස්වල හටගන්නත් පුළුවන්ග
සමහර විට උගුරේ ප්‍රශ්නයක් මගින් කනේ වේදනාව හටගන්නවාග දතේ කැක්කුමක් හට ගත්තොත් එය කන දක්වා පැතිර යන්න පුළුවන්ග එය වේදනාව සංක්‍රමණය වීමක්ග ඔලුව කැක්කුමක් කනේ වේදනාවක් හැටියට එන්න පුළුවන්ග
ඊළඟ රෝග අවස්ථාව තමයි කන තුළ හට ගන්නා කළාඳුරු :කර්ණමල- හෙවත් ආං නිසා ඇතිවන වේදනාවග Ear Wax හඳුන්වන්නේ කර්ණ වර්ච කියන නමින්ග කලාඳුරු පිරිලා තිබෙද්දී නෑවොත් ඒ කලාඳුරු ප්‍රසාරණය වෙනවාග එවිට හට ගන්නා පීඩනය නිසා කන රිදෙනවාග ආං කියන්නේ තෛලමය පදාර්ථ සමඟ මිශ්‍ර වූ දෙයක්ග මෙය සමඟ වතුර මිශ්‍ර වුණාම එය ප්‍රසාරණය වෙනවාග දැන් කෙනෙක් කියන්න පුළුවන් ස්නානය කළාම කන් කැක්කුම හෝ ඔලුවේ කැක්කුම ඇති වෙන බවග මෙහිදී සිදු වන්නේ එම තැනැත්තාගේ කනට වතුර ගිහින් ඇතුළත ප්‍රසාරණය වීමයිග එසේ කන රිදෙන විට ඔලුවත් රිදෙනවාග
:ලබන සතියේ කනේ හටගන්නා දිලීර-
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks